"අපි ප්‍රසන්ටේශන් එකට රෙඩි වෙන්න ඕනේ "
" නෑ මං මේ උබලට නිකමට මතක් කරේ"
සොක්ජින් එහෙම කිව්වෙ කන්න ඇවිත් කයිය ගගහා ඉන්න එයාගේ යාලුවන්ගේ අවදානෙ එයාගෙ පැත්තට ගන්න ගමන්..
"තව දවස් හතරක් තියෙන්නේ මොකක් හරි අටවගත්තහැකි නේ"
"කරමු කරමු ඉතින් "
හැමෝගෙම අදහස් මැද්දේ ටේහ්‍යුන්ග් ඇස් කැරෙකෙව්වා.. මුන්ගේ කටවල් විතරයි. එයා කැෆිටේරියා එක වටේම ඇස් යැව්වා කෙනෙක්ව හොයමින්.. ම්ම්හුම්ම් පේන්න නෑ!
ටේහ්‍යුන්ග් කැෆිටේරියා එකේ දොර දිහාම බලන් හිටියා. එකපාරටම කැෆිටේරියා එකේ දොර දිහායින් ජන්කුක් මතුවෙද්දී ටේහ්‍යුන්ග්ගේ මූණේ හිනාවක් ඇදිලා ගියා.ඔය එන්නේ හිතනකොටම !
ජන්කුක් කලබලෙන් වටපිට බලමින් ඉස්සරහට ඇවිදන් ආවා. එයා කාව හරි හොයනවා වගේ.. සමහරවිට යොන්ජුන්ව වෙන්න ඇති..
ටේහ්‍යුන්ග් එයාගේ යාලුවෝ මොනවද කියවන්නේ කියලා නෑහෙන තරමටම ජන්කුක්ගේ ලෝකේ අතරමං වෙලා හිටියා.
එයාගේ බෝල ඇස් වලට මොනවද වෙලාද? මුළු මූණම රතුවෙලා ගිහින්..
එක තප්පරේකට අහම්බෙන් වගේ ජන්කුක්ගේ ඇස් ටේහ්‍යුන්ග් දිහාට හැරවුනත් ටේහ්‍යුන්ග් ජන්කුක්ව දැක්කෙ නෑ වගේ ඉක්මනින් අහක බලාගත්තා.
අහ් ඔය ඉන්නේ කට්ටිය.. ජන්කුක් බැලුවේ ටේහ්‍යුන්ග්ලා ඉන්න මේසේ දිහා. එයා වේගෙන් ඒ දිහාට ඇවිදන් ගියේ එයාගේ පස්සෙන් කවුරුවත් කෑ ගගහා දුවගෙන එන්නේ නෑ වගේ.
"කුක්~~~"
"ජිමින් මං මෙතනින් වාඩි වෙන්නද?"
ජන්කුක් පස්සෙන් දුවගෙන ආව යොන්ජුන් කතා කරන්න හදද්දිම ජන්කුක් ජිමින්ගෙන් එහෙම අහලා කවුරුවත් උත්තර දෙන්නත් කලින්ම එයා වාඩිත් උනා.. සාමාන්‍යයි! දැන් මේ දේවල් අතිශයම සාමාන්‍ය යි.
" හහ් ඔව්.. කොහොමත් අපිත් ඔයාලට කතා කරන්න හිටියේ"
ජිමින් වෙනුවට උත්තර දුන්නේ හේසොක්..
මොකද ජිමින් හිටියේ ජන්කුක් උදේම එයාව හොයාගෙන ආව එක ගැන කුතුහලෙන්.. මේ දවස් කීපයටම යොන්ජුන් නැතුව ජන්කුක් මූලිකත්වෙ ගත්ත පලවෙනි වතාව!
මොකක්ද පැටියෝ ඔයා මට මේ කරන්නේ..
YOU ARE READING
Lovely Moon♡ (COMPLETED)
Romance~ ඒත් ඊළග මොහොතේ දොරෙන් ක්ලාස් එක ඇතුළට ආව කෙනෙක් ජන්කුක් ඉස්සරහ නතර උනේ කටකොනේ හිනාවක් තියන්. ඒ හිනාව ජන්කුක්ව සීතල කරවලා තිබ්බා. " අගේන් කන්ග්‍රැජුලේශන්ස් ජොන්ග් ජන්කුක් " ඒ කෙනාගෙ අත ජන්කුක්ගේ පැත්තට දිග් උනේ හෑන්ඩ්ශේක් කරන්න " අගේන් තෑන්ක්යූ...