" දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි මගෙ පුතාට.......පරිස්සමින් ගිහින් එන්න රත්තරනෙ...."
"ම්ම්..දැන් ආයෙත් අඩන්න එපා අම්මේ....මං නිවාඩුවක් ලැබුනගමන් එන්නම්...."
" මං උඹව කැමැත්තකින් යවන ගමනක් නෙමෙයි මගෙ පුතේ.... මගෙ අතපය තව හයිය තිබුනනම් මේ කරුමක්කාර ලෙඩෙ හැදිලා නොතිබුනානම් මං මගෙ පුතාට මේ ගමන කීයටවත් යන්න දෙන්නැ දෙයියො...."
"ආයෙත් ඔය කතාව කියන්න එපා අම්මෙ....අප්පච්චිට ඇහුනොත් අපිට පව් පිරෙයි.... අපිට නොපෙන්නුවට අපි කියන වචනයක් ගානෙ ඒ පපුව රිදෙනව කියල මට වඩා හොදට අම්මාත් දන්නවා.... අනික මං පොඩි එකෙක් නෙමෙයි... දැන් අවුරුදු 28ක්... මං වෙන රටකට යනවත් නෙමෙයිනෙ.... මං රස්සාවක් කරලා පුරුදු නැති එකෙකුත් නෙමෙයි...."
"ඔව් මගෙ පුතේ මං දන්නවා.... උඹ අවුරුදු දහනවයෙ ඉදන් අපේ බර කරට ගත්තෙ....තාමත් ඒ බර අදිනවා....මට දරාගන්න බැරි උඹ මගෙ ඇස් මානෙන් ඈතට යන එකයි....උඹ හොදින් ඉන්නවද කනවද බොනවද කියලවත් මට පේන්නෙ නෑනෙ රත්තරනෙ..."
" මං හැමදාමත් කතා කරන්නම් අම්මෙ....කෝ දැන් ඉතින් හිනා වෙලා මාව පිටත් කරන්නකො....බස් එක එන්න කලින් මං පහලට යන්නත් එපැයිනෙ...."
අම්මා තවත් අඩනවා මට බලන් ඉන්න බැ...මට දැනෙනවා මගෙ අම්මගෙ හිතට දැනෙන වේදනාව... මොකද ඒ වේදනාව මාත් විදිනවා... අවුරුදු 28ක කොල්ලෙක් උනත් මොනතරම් හයිය හිතක් තිබුනත් අම්මෙක්ගෙ කදුළු ලග ගලක් උනත් දිය නොවී තියේද..? ඉතින් තවත් අම්මගෙ ඉස්සරහ මට මාව පාලනය කරගන්න බැ කියල දැනෙද්දි මං අම්මගෙ කදුළු පිහිදලා මගෙ පපුවට තුරුල් කරගත්තා...ඊට පස්සෙ මං හැරිලා බැලුවෙ උළුවස්සට හේත්තු වෙලා අම්මයි මායි දිහා බලන් කදුළු පුරවන් ඉන්න මගෙ මල්ලිව...
" කෝ මෙහෙට එන්න චූටි..."
අම්මව එක අතකින් බදාගෙන අනිත් අත දිග ඇරලා මං මල්ලිට කතා කරද්දි ඒකා දුවගෙන ඇවිත් මට තුරුල් උනා...
"මේ අහන්න චූටි... අම්මවයි අප්පච්චිවයි බලාගෙන හරියට ඉස්කෝලෙ වැඩ ටිකත් කරගන්න ඕනෙ හරිද ? සෙල්ලමත් ටිකක් අඩු කරලා හොදට පාඩම් කරනවා... නිතරම ෆෝන් එකත් කොට කොට ඉදලා මට අහුවෙන්න එපා..."
YOU ARE READING
මගේ හිතුවක්කාරයා (Zhanyi) Completed
Fanfictionඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi