"පුතා ඔයාටත් පරක්කු වෙනවනෙ.ඉක්මනට කන්න" බත් කට කට කවන ගමන්ම අම්මා කිව්වෙ ටේහ්‍යුන් සපත්තු දාන අතරෙ.
"පුතෙ.ඔය මාලෙ තාම එයාට දුන්නෙ නැද්ද"
"එයාව මතක් වෙන්න මට මේක විතරක් තියාගන්න ඕනි වුනා අම්මා.ම-මට තාම අමතක කරන්න බෑ අම්මා"
"හැමදේම කාලය විසදයි පුතා.මම ජංකුක් පුතාව විශ්වාස කරා.මම හිතුවෙ මගෙ පුතාගෙ සතුට ජංකුක් ලග කියලා.අපිට ඒක තාම උරුම නැතුව ඇති"වැටෙන්න යන කදුළු පිසදමමින් ඇය කිව්වා.වේදනාව මුසු වුනු සුසුමක් හෙලපු ටේහ්‍යුන් අම්මට වැදලා බදා ගත්තෙ තව දුරටත් දුක් වෙන්න එපා කියලා.නිවසෙ මිදුලෙ නවත්වපු බයික් එකක් හෝන් කරෙ ටේහ්‍යුන්ට එන්න හගවන්න.මවට සමුදුන් ටේහ්‍යුන් ගෙදරින් එලියට බැස්සත් ආපස්සට අම්මා දිහා හැරිලා බැලුවෙ මූනට හිනාවකුත් අරං.අම්මගෙ අහිංසක මූන ඉස්සරහ ටේහ්‍යුන්ට හිනා නොවී ඉන්න බැරි වෙන්න ඇති.
"ගුඩ් මෝනින් ජිමින්.මම පරක්කු නෑ නේද අද?"
"ගුඩ් මෝනින් ටේයො.නෑ නෑ අදනම් ලෑස්තිවෙලා" දෙන්නමම හිනාවෙවී බයික් එකෙන් යන්න ගත්තෙ ඔවුන් උගන්වන පාසලට.පාර්ක් එකෙන් බයික් එකත් නවත්වලා ටේහ්‍යුන් හා ජිමින් ගියෙ ඔෆිස් එකට අත්සන් කරන්න. මොවුන් දෙදෙනා ළමයිගෙ හා ගුරුවරුන්ගෙ හිත දිනාගත් ආදරණීය චරිත දෙකක්.හැමෝම ප්‍රාර්ථනා කරෙ මොවුන් දෙදෙනගෙ එකතු වීමක්.දෛවයෙ කොතනක හෝ වෙනස්වීමක් නිසා ටේහ්‍යුන් වෙනත් අයකුගෙ ප්‍රේමවන්තයෙක් වුනෙ ජිමින්ගෙ ඒකපාර්ශ්වික ආදරෙ පමණක් තනිවෙද්දි.
උදෑසන රැස්වීම් හා වත්පිලිවෙත් අවසන් කරලා සියළුම ලමයි හා ගුරුවරුන් තම තමන්ගෙ පංති වලට ගියෙ එදින පැවරුණ කාර්යයන් ආරම්භ කරන්න.ජිමින්ට පංතියක වැඩ තිබුනත් ටේහ්‍යුන්ට උදෙ කාලච්ඡේදය නිදහස් වුනා.හිතට දැනෙන කැලඹිලි සිතුවිලි වලින් මිදෙන්නත් එක්ක පිට්ටනියට ගියෙ පුහුණුවීම් කරන ලමයි නිරීක්ෂණය කරන්න.කය එතන වුවද ටේහ්‍යුන්ගෙ මනස ගමන් කරෙ මීට සති දෙකකට කලින් වුන සිදුවීමට.
Two weeks ago
"ජංකුක්.....!!! මොකද මට මේ දේවල් හැංගුවෙ ආහ්...ද-දන්නවද ම-ම ගොඩක් ගොඩක් ආදරෙ කරා.... ගොඩක්.. ඒත් ඒත්... ඒ හැමදේම ඉවරද ජංකුක්.. කියනවා!!!!"
true story
Start from the beginning