(පුළුවන් නම් කතාව පුරාවටම උඩ සවුන්ඩ් එක අහනගමන් කියවන්න.මොකද ටිකක් හරි ෆීල් වෙයි.කතාව ඉවරවෙනකම් අහන්න ඕන.😁😁)
එදා දවස පාසල් කාලයෙ සතියෙ එක් දවසක්.උදෑසනම සෑම ගෙදරක පාහෙ කඩිමුඩියෙ ලැහැස්ති වුනෙ තම තමන්ගෙ වැඩවලට යන උදවිය.පාසල් ලමයිගෙ පාරෙන් ඇසෙන කතා සද්දෙත්, වාහනවලින් ඇසෙන ඝෝෂාවත් මද්දෙ ටේහ්‍යුන් සූදානම් වුනෙ තමන්ගෙ රාජකාරියට යන්න.ඔහු වැඩකරෙ පාසලක ගුරුවරයෙක් විදිහට.ඔහු ඔහුගෙ රැකියාවට බොහෝ ඇලුම් කරා.ද්විතියික පාසලක කටයුතු කල ටේහ්‍යුන් ක්‍රීඩා අංශයෙ ගුරුවරයෙක්.එදා දවසෙත් ටේහ්‍යුන් කාමරයෙන් එලියට බැස්සෙ කණ්ණාඩිය ඉස්සරහ තම කරෙ තිබුන මාලය දෙස බලාගෙන ඉදලා.තාමත් ඔහුගෙ මතකයන් වේදනාබර වුනා.කොපමණ අමතක කරන්න හැදුවත් ඔහුගෙ ආදරණීය හදවතට ඒ පුද්ගලයව අමතක කරන්න නොහැකි තරමට ඔවුන් ආලය කරලා තිබුනා.
"පුතා.. මේ කෑම කාලා යන්න"
"අම්මා මට පරක්කුයි.කවන්න පුළුවන්ද"
"ම්ම්.. තාමත් හුරතලෙ.දැන් බදින වයසෙ අයටත් මට කවන්න පොවන්න වෙලා නේ" මව කිව්වෙ ටේහ්‍යුන්ගෙ කම්මුලක් ඇදලා.
"තාත්තට කවනවනම් මට බැරි මොකද" හුරතල් මූනක් මවාගෙන ටේහ්‍යුන් කෙදිරුවා.
"හරි හරි මගෙ පණ්ඩිත කොල්ලා කට අරින්න" ටේහ්‍යුන්ගෙ මූනට රැවටුන මව ටේහ්‍යුන් ලගට ගිහින් බත් කවන්න ගත්තෙ සිනහමුසු මුහුනින්.
"තාත්තා ඔයා යන්නද හදන්නෙ.අද උදෙන්මනෙ." කුස්සියෙ ඉදලා බෑගයත් අරගෙන ආව පියාගෙන් ටේහ්‍යුන් ඇහුවා.
"ඔව් පුතා . ඔයා පරිස්සමින් යන්න.මට අද අමුත්තක් දැනෙනවා.හැමදේම පරිස්සමින්.අපිට ඉන්නෙ ඔයා විතරයි පුතෙ"
"බය වෙන්න එපා තාත්තා.ඔයාලගෙ ආශිර්වාදෙ මට තියෙනවනෙ.පරිස්සමින් ගිහින් එන්න." පියාට දනගහලා වැදලා බදාගත්ත ටේහ්‍යුන් කිව්වත් පියාට දැණුනෙ වෙනදා නොදැනුන බයක්.හරියට ඔවුන්ගෙ පුංචි කැදැල්ලට කරදරයක් අතලග දැනුනා වගෙ.