කොහොමද....! ☺️
හරි, අද කොටස කියවන්න පටන්ගමු. (කලබල නොවී සිහියෙන් කියවන්න)
කලින් නවත්තපු තැනදි කියපු.. ස්වභාවික බලය ගොඩනංවා ගන්න කරන්න ඕන දේවල් වලින්.. පළමුවෙනිම දේ තමයි, සුළු සුළු කරදරකාරී දේවල් ඉවත් කරන එක.
Harriet Beecher Stowe කියන ඇමරිකානු කතුවරිය වරක් කියල තියෙනව මෙන්න මෙහෙම. 👇
"To be really great in little things, to be truly noble and heroic in the insipid details of everyday life, is a virtue so rare as to be worthy of canonization."
'සුළු සුළු දේවල් වල විශිෂ්ට භාවයට පත් වීම, කෙනෙක් සාන්තු වරයකට උසස් වීමක් ලැබුවා හා සමානව.. ඒ තරමටම අගනා වරප්‍රසාදයක් වේ' වගේ අදහසක් තමයි ඒකෙන් කියවෙන්නෙ.
ඉතින් කෙනෙක් ඉතාම විශිෂ්ට පෞර්ෂයක් හදා ගන්න නම්.. සාර්ථක වෙන්න නම්.. ඒ ගැන උනන්දු වෙනව නම්, තමන්ට බාධාවක් වෙන සියලු දේ ඉවත් කරන්න පසුබට නොවෙන්න ඕන.
තමන් දැනට ඉවසගෙන ඉන්න, දිගටම ඔන්න ඔහේ සිද්ද වෙන්න ඇරල තියෙන සුළු සුළු කරදර, අවුල් වියවුල් හැම දේම අතහැරල පූර්ණ සහනයක් අත් කරග්න ඕන.
උදාහරණයක් විදියට.. කෙනෙක්ගේ කාමරයක තියෙනවනම් හෝදල නැති ඇඳුම් දාල තියෙන පුටුවක් / box එකක්.. ඒක දැනටමත් පිරිලනම්..
අවශ්‍ය පොතක් පතක් ඉක්මනින් හොයා ගන්න බැරි විදියට පොත් කබඩ් එක/ පොත් මේසේ අවුල් වෙලා නම්..
පස්සෙ පිළිවෙලට ලියනව කියල හිතාගෙන, කොල වල හෝ.. එකම පොතේ තැනින් තැන එහෙන් මෙහෙන් ලියපු Notes.. මුල මැද හොයාගන්න/ මොන මොන subject වලට අදාලද කියල හොයන්න පවා කාලය වැය වෙන විදියට අපිලිවෙලට තියෙනව නම්..
ඒ වගේම,
තමන්ගෙ කාමරේ මල්ටි ප්ලග් වයර් කෝඩ් එකේ වයර් එක නිතර පෑගෙනවනම් / කකුලෙ පැටලෙනවනම්..
බාත්රූම් එකට යන යන වතාවට, ඒකෙ සින්ක් එක අපිරිසිදු වෙලා නේද කියල හිතෙනව නම්..
අරගෙන ටික කාලයක් වෙන, ඒත් අදින්න හිතෙන්නැති හෝ ඇන්දම confident නැති ඇඟට ලොකු ඇදුමක්.. අල්මරිය අරින අරින වතාවට පේන්න තියෙනවනම්, හෝ එහෙම පේන්න නොතිබුණත් තමන්ට ඒ ගැන මතක් වෙනවනම්...
YOU ARE READING
ප්‍රායෝගික මනෝ විද්‍යාව
Teen Fictionඑදිනෙදා ජීවිතයේදී කාර්යයන් සාර්ථක කර ගැනීමට මනෝ විද්‍යා දැනුම රසවත් ලෙස භාවිතා කල හැකිය...☺️ .. ජීවිතේ හීනයක් තියෙන නංගිලා මල්ලිලා හැමෝටම.. (By an Indigenous medical student of university of Colombo) 🔹ᴺᵒ ᵗʳᵃⁿˢˡᵃᵗⁱᵒⁿˢ ᵃʳᵉ ᵃˡˡᵒʷᵉᵈ 🔹ᴰᵒⁿ'ᵗ ᶜᵒᵖʸ ᵗʰⁱˢ ʷ...