හෝටලය වෙත පැමිණි පසු සැවොම තම තමන්ට නියමිත කාමර වෙත ගමන් කල අතර චාන් පමණක් පිලිගැනීමේ කවුළුව අසල නතර විය.... සතුටින් කාමරය වෙත යාමට සූදානම් වූ සින්ඩිව නතර කරගත් චාන් ඇයට උද්‍යානයට එන ලෙස පවසා ඉවතට ගියේය ......🐰 සින්ඩි මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනි ....
💃 අන්තිමේදී ඔයාට මාත් එක්ක කතා කරන්නත් හිතුනද Honey ?
උද්‍යානයේ කෙලවරම පිහිටි බංකුවක වාඩි වී හිස් බැල්මෙන් ඈත බලාසිටි චාන් අසලින් වාඩි වෙමින් සින්ඩි ඇසුවේ සරදම් සිනහවක්ද මුවදරා ගෙනයි ....
🐰 සින්ඩි සුදූ ....
සින්ඩි දෙස බලමින් සාමාන්‍ය සිනාවක් මුව දරාගෙන සුහද ස්වරූපයෙන් චාන් කතා කරනා විට සින්ඩි පුදුමයෙන් මෙන් ඔහු දෙස බලා සිටියේ ගතවූ මාස හය හතක කාලය තුල චාන් ඇයව මෙලෙසින් ආදරයෙන් ඇමතු ප්‍රථම වතාව මෙය වූ නිසාය...
💃 චාන්ගා 😍😊
🐰 මාව බලෙන් හරි Marry කරන තරමටම ඔයා මට ආදරෙයිද සින්ඩි ...
💃 මං ඔයාට කොච්චර ආදරෙයිද කියන එක ගැන ඔයා දන්නේවත් නෑ චාන්ගා ....
🐰 ඔයා දන්නවනේද මං ආදරේ බෝදිට කියලා... ඇයි ඒක දැන දැනත් මට යන්න දෙන්නේ නැත්තේ .... ඇත්තටම ආදරේ අය එහෙම කරන්නේ නෑ කියලා ඔයා අහලා තියෙනවද ?
💃 බෝදි .... 😄 එයා ඔයාට පොඩ්ඩක්වත් ආදරේ නෑ .... එයා කවද්ද ඔයාගේ ජිවිතේට ආවේ එදා ඉදන් තමයි මේ හැම ප්‍රශ්නයක්ම පටන් ගත්තේ ... එයා එන්න කලින් ඔයාගේ ජිවිතේ හිටියේ මං විතරයි.... ඔයා හිනාවුනේ මාත් එක්ක විතරයි ... ඔයා කතා කලේ මාත් එක්ක විතරයි .... ඔයාගේ හැමදේම බෙදාගත්තේ මාත් එක්ක.... එයා ආපු ගමන් ඔයාට මාව අමතක වෙලා ගියා.... මගේ හැමදේම වෙච්ච ඔයාව, මට විතරක් විශේෂයෙන් සලකපු ඔයාව මං වෙන කෙනෙක්ට දීලා හිත හදාගන්නේ කොහොමද කියන්න ...
YOU ARE READING
Doctor Crush
Fanfictionගිලන් හදවත් සුවපත් කරන ගිලන් නොවූ දෙහදක කතාවක් 💚❤️ Zhanyi Fan Fiction