🩺 Doctor Crush - 56 🩺

705 157 112
                                    


ඒ ෂැංහයි වලට තවත් එක් වැසිබර රාත්‍රියකි... කෝපි කෝප්පයක් හා කතා පොතක් අතින් රැගත් කුවාන් ජනේලයෙන් පිටත බලාගෙන සිටියේ වැටෙන වැහි බිදු ගනින්නට මෙන් එක එල්ලයේමයි... කුවාන් ගතින් ෂැංහයි වල රැදී සිටියද සිත වෙනත් මානයක නතර වී ඇති බව ඔහු දකින ඕනම කෙනෙක්ට කිව හැකිය... පසුගිය දින කිහිපයේම ඔහුගේ හැසිරීම එතරම්ම වෙනස් වී තිබුණි ...

  දින තුනකට යළි Zhuhai නොපැමිණීමට සිතා ඔහු ෂැංහයි ගියත් යීබෝ තනිවම නිවසේ දමා ආ බව මතක් වන විට ඔහුට එහි නතර වී සිටීමට සිත් දුන්නේ නැත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  දින තුනකට යළි Zhuhai නොපැමිණීමට සිතා ඔහු ෂැංහයි ගියත් යීබෝ තනිවම නිවසේ දමා ආ බව මතක් වන විට ඔහුට එහි නතර වී සිටීමට සිත් දුන්නේ නැත..... යැන්ලි සමග ගත කල දින දෙකේදීත් කුවාන් වැඩිපුරම පැවසූයේ යීබෝ පිලිබදවයි... යීබෝ තවමත් දුකින් සිටිනු ඇති බවත්, ඔහු තනිවම සිටින නිසා යම් අනතුරක් කරගනු ඇතැයි කියාත් කුවාන්ට නිතරම වාගේ සිතුනි...

💜️ කුවාන් ....

යීබෝ ගැනම සිතමින් සිටි කුවාන් යැන්ලි කාමරයට ආ බව දන්නේත් ඔහුගේ පිටට තට්ටු කර කතා කලායින් පසුවයි... ඉක්මනින් පියවි ලොවට ආ කුවාන් යැන්ලිගේ බද වටා අතක් යවා ඔහු තුරුලට ගෙන මුහුණ මතට වැටී තිබූ කෙහෙරැලි අතින් පිටුපසට කාලේය....

💙 යැන්ලි.... ඔයා කොයි වෙලාවේද Sweety ආවේ....

💜️ ටිකක් වෙලා... මං කතා කලාට ඔයා බැලුවේ නෑ...

💙 I'm Sorry sweety .... මං වෙන කල්පනාවක හිටියේ....

💜️ ඒකට කමක් නෑ ....  මේ දවස් වල ඔයාගේ හැසිරීම හරි වෙනස්.. ඔයාට මොකක්හරි ප්‍රශ්නයක් නම් මට කියන්න කුවාන් ..... අපි දෙන්නා අතරේ හංගන්න තරම් දේවල් නැතුව ඇති කියලා මං හිතනවා....

💙 බබා මං හිතුවේ දීදී ගැන... එයාව තනියම දාලා ආව එක ගැන මට බයයි... 

Doctor Crush Where stories live. Discover now