ජනෙල් තිර අතරින් ආ නැවුම් උණුසුම් හිරු කිරණ මා මුව සිපගන්නා විට වරක් දෙවරක් එය නොතකා ඇදේ හරි බරි ගැසී මා නිදාගත්තත් එන්න එන්නම එහි රශ්මි දහරාවන් මුළු කාමරයම වසා ගනිද්දී මට තවත් නිදාගන්නට අවසර නොවුණි... සිරුරේ එක් පසක් හිරිවැටී ඇතිවාක් මෙන් දැනුනු අතර දෑස් විවර කල මා මුලින්ම බැලුවේ ඒ දෙසයි....නිදාගැනීමට පෙර ඇද මැද යොදා තිබූ බාධක බිම තැනින් තැන විසිරී තිබුණි... එක් කකුලක් මගේ බඩ හරහා යොදා ඔහුගේ හිස මගේ උරහිසේ රදවාගෙන හා පැටවෙකු මෙන් ඔහු මට තුරුල් වී සිටියේය ....
චාන් වඩාත්ම හුරතල් නිදාගත් විටය.. නින්දේ සිටියත් ඔහු විනාඩි දහයක්වත් එකම විදිහට සිටින්නේ නැත... විටෙක නින්දෙන්ම සිනාසෙන අතර විටෙක ඉකිගැසිම්ද ඇසෙන්නේය.. නිදාගත් විට ඔහු ළදරුවෙකුට හපන් ය.. ඇහැරවීමට ගිය විට බෝම්බයක් පිපිරුනත් ඔහු ඇහැරෙන්නේ ඔහුට අවැසි වෙලාවටය.... කලෙකින් ඔහුගේ මුහුණ මෙතරම් ලගින් දැකගන්නට ලැබුණු නිසාම මා චාන්ගේ මුහුණ මත සියුම්ව දෑගිලි ගෙන ගියෙමි ...
උදෑසනම රෝහලට යා යුතු වූ බැවින් මා ඇදෙන් බැස යන්නට සිතුවෙමි... රාත්රියේදී ඔහුගේ අතෙහි ගැටගැසූ පටිය තවමත් එලෙසින්ම තිබුණු අතර මා එහි දෙපසින්ම ලිහා දැමුවෙමි ...
" හුරතල් කරන්න ගියාම පණ්ඩිත වැඩ කරනවනේ මේ මෝඩ බනියා...ඔක්කොම එයාට විතරයි පුලුවන් කියලා හිතන් ඉන්නේ... ආයේ මොකක්හරි ගොන් වැඩක් කරන්න කලින් ගැටගහල හරි බලාගන්න එපැයි ... ලියෝ ලියෝ කිව්වට ඔයා අද තමයි බනියෝ හරියටම මගේ සිංහ Type එක දැනගන්නේ.... දැන් තව ටිකක් නිදාගන්නකෝ.. මං Breakfast හදලම කතා කරන්නම්... "
YOU ARE READING
Doctor Crush
Fanfictionගිලන් හදවත් සුවපත් කරන ගිලන් නොවූ දෙහදක කතාවක් 💚❤️ Zhanyi Fan Fiction