රෝහලේ වැඩ නිමවා චාන් නිවසට එමින් සිටියේය... නිවස දක්වා වූ මාර්ගය සම්පූර්ණයෙන්ම වැටී තිබුණේ වෙරළ තීරයට යාබදවයි... ශුෂ්ක කලාපයට හුරුව තිබූ ගස් වර්ග කිහිපයක් මුහුද දෙසට නැමී තිබුණි... අනෙක් පසින් ගම්මානයට දෙසට වන්නට විශාල අතු පතර විහිදුණු ගස් රාශියක් පිහිටා තිබුණි... ඒ මාර්ගයේ එක් වරක් ගමන් කල අයෙක් නැවත නැවතත් එහිම ගෙන්වන්නට තරම් අලංකාරයකින් ඒ මාර්ගය යුක්ත විය...
වෙනදාට මේ මාර්ගයේ ගමන් කරන විට චාන්ගේ ආතතිය දුරුවී සිත සැනසෙන්නේය... නමුත් අද නිවස වෙත ලංවත්ම චාන්ගේ සිතේ ඇති වූයේ මහා හිස් බවකි... තවදුරටත් අඩන්නට කදුලුත් ඒ දෙනෙතෙහි ඉතිරිව නොතිබූ අතර තනි සුදු කඩදාසියක් මෙන් වූ පණ ගැහෙන හදවතක් පමණක් ඔහු සතු විය... හැගීම් විරහිත මලකදක් මෙන් නිවස වෙත පැමිණි ඔහු ගේට්ටුවෙන් ඇතුල් වන විට වතුර උගුරක් බී මුහුණත් වතුරෙන් තෙමාගෙන මවාගත් ව්‍යාජ සිනාවකින් මුව සරසා ගෙන නිවසට ඇතුල් විය...
🦁 බනී ඔයා ඇවිත් .... 😍😍
දිනයම පාලුවෙන් ගත කල මා චාන් වෙත ගියේ පියඹාගෙනය ... මා සිටියේ ඇමතුමක බවත් මට අමතකව ගියේ ඔහුව දැකීමෙන් ඇතිවූ ප්‍රීතිය නිසාය ...
YOU ARE READING
Doctor Crush
Fanfictionගිලන් හදවත් සුවපත් කරන ගිලන් නොවූ දෙහදක කතාවක් 💚❤️ Zhanyi Fan Fiction