Zhuhai වල පිහිටි චාන්ගේ නිවස මේ නගරයේ මගේ ප්‍රියතම ස්ථානයයි.. චාන්ගේම ගෘහ සැලසුමකට අනුව නිමවා තිබූ එය මා මෙතෙක් දුටු විශිෂ්ඨතම ගෘහ නිර්මාණයයි... ඉතින් චාන් පැවසූ විගසින් බඩු රැගෙන එයින් පිටවීමට මට සිත සාදා ගත නොහැකි විය... නමුත් කුමක් හෝ වැදගත් හේතුවක් ඔහුගේ ඒ තීරණය තුල තිබුණු බව නම් පැහැදිලිය ... එනිසාම වාද නොකර මා මෙයින් පිටවිය යුතුය..
නිවසේ පලමු මහලේ සිටම සැම අස්සක් මුල්ලක් නෑරම මා ගමන් කලේ නිවස තුල වූ පරණ මතකයන් වලට යලිත් නව පණක් දෙමිනි ... චාන්ගේත් මගෙත් නිදන කාමරය, පිහිනුම් තටාකය, ප්‍රථම වතාවට අප එක්වූ ඉහල මාලයේ තිබූ වෙනස්ම කාමරය මේ සියල්ලම අමතක කල නොහැකි මතක ගොන්නක් සිත තුල රදවා අවසානය ...
අවසන් වරට මා අප දෙදෙනා පලමු වරට එක්ව බෙදාගත් ඒ සයනය තුල වැතිරී අහස දෙස බලා උන්නෙමි... චාන් පලමු දිනයේ ඇසූ පැනයට පිලිතුර තවමත් මා නොදනී ... මා නැවතත් ඒ සදහා පිලිතුර කුමක් විය හැකිදැයි අහස දෙස බලාගෙනම කල්පනා කලෙමි...
YOU ARE READING
Doctor Crush
Fanfictionගිලන් හදවත් සුවපත් කරන ගිලන් නොවූ දෙහදක කතාවක් 💚❤️ Zhanyi Fan Fiction