නත්තල් නිවාඩුව අවසන් වී චාන් සහ මා රාජකාරි සදහා නික්ම යන පළමු දිනය අදයි... නිවසේදී කෙතරම් සමීපව ඇසුරු කලත් රෝහලේදී චාන් හා මිනිත්තුවකටත් කතා කිරීමට නොහැකි වන බව මතක් වූ විට රෝහලට නොයා නිවසටම වී සිටිමට මට සිතුනි...මා මෙන් නොව චාන් රාජකාරිය දේවකාරිය මෙන් සලකමින් කටයුතු කරන නිසා එවැන්නකට ඉඩ නැති බව මා හොදින්ම දනිමි... ඒ ගැන සිතමින් මා කෑම මේසයට වී ආහාර ගන්නට වූ අතර සුපුරුදු ලෙස චාන් පරක්කු වී ලහි ලහියේ ලෑස්ති වෙමින් සිටියේය ...
🐰 බෝදි මොකද මේ මූණත් ඇඹුල් කරගෙන......
මගේ නාසය මිරිකමින් මා අසලින්ම වාඩි වූ චාන් මගෙන් ඇසුවේය ....
🦁 මට Hospital යන්න බෑ චාන්ගා...
🐰 ඇයි ඒ?
🦁 Ward එකට ගියාම ඔයාට මාව පොඩ්ඩක්වත් මතක් වෙන්නේ නෑ .... 😐😑
🐰 මට ඔයාව එහෙම අමතක වෙන්නේ නෑ බෝදි ... ඔයා දන්නේ නැති වුනාට ඔයා ආව මුල් දවසේ ඉදන්ම ඔයා කරන හැම දෙයක් ගැනම මං බලන් හිටියේ ...
🦁 ආහ් ..... 😯😯 ඒ කියන්නේ ඔයා ඒ දවස්වලත් ...
🐰 ඔව් .... ඒ පලවෙනි දවසේමයි ඔයා මගේ හිත හොරකන් කලේ... ඔයා මං දිහා කන්න වගේ බලන් ඉන්නවා මං කිහිප වතාවක්ම දැක්කා...
🦁 එහෙම බැලුවේ නෑ අනේ... 😒
YOU ARE READING
Doctor Crush
Fanfictionගිලන් හදවත් සුවපත් කරන ගිලන් නොවූ දෙහදක කතාවක් 💚❤️ Zhanyi Fan Fiction