🐰 යීබෝ ඔහොම ඉන්නවා...🦁 චාන් සර්...
මා බීමත් බව සගවා ගනිමින් හැකිතාක් කෙලින් සිටීමට උත්සාහ කරමින් පිලිතුරු දුන්නේ ඔහුගේ හඩේ කිසියම් කෝපයක් ගැබ්ව තිබූ නිසාය...
🐰 මෙතනින් ඇවිත් ඉදගන්න... මට කතා කරන්න ඕනි තමුන් එක්ක...
ඒ කටහඩේ නම් ගැබ්ව තිබුණේ එතරම් හොද දෙයක් නොවන බව තත්පරයක් යන්නටත් පෙර මට වැටහුණි ...
මා හැකිතාක් දුරට කෙලින් ඇවිදින්නට උත්සාහ කරමින් ඉදිරියට ඇදුණි.. ඉදිරියට යද්දී නොදැනීම ලග තිබූ මේසයක වැදී එහි තිබුණු මල් පෝච්චියක් බිම වැටී කෑලි කෑලි වලට බිදී ගියේය ... තවත් සගවන්නට යමක් නොවීය.. දැනටමත් මා බීමතින් බව ඔහු වටහාගෙන ඇත...
සෙමින් ඉදිරියට ඇදුණු මා ඔහුට මීටරයක් පමණ ඈතින් සිට ගත්තේය ...
🐰 මොකද ? Social Distance maintain කරනවද? ඇවිත් මෙතනින් වාඩි වෙනවා... 🤨
තවත් අඩියක් ඉදිරියට තැබූ මා බිම තිබූ පාපිස්නාවේ පැටලී එතනම ඇද වැටෙන්නට ගොස් නොවැටී අනූනවයෙන් බේරී ඒ අසල තිබූ Sofa එකේම ඉන්දවිය ....
" යීබෝ අද නම් වේලාව හොද නෑ... මොකට මේවා බිමට දාලා තියෙනවද මන්දා... දැන් ඉතින් ඉවරයි නේ..අතේ මාට්ටු.. අමාරුවෙන් කෙලින් ඇවිදපු එකත් අපරාදේ... බෝතල් එකහමාරකින් මෙච්චර වෙරි වෙයි කියලා කවුද හිතුවේ..."
🐰 හොදටම බීලා නේද ඉන්නේ ....
මා නෑ කියන්නට මෙන් හිස දෙපසට සැලුවේය.. නමුත් මා මොහොතකටවත් ඔහුගේ මුහුණ දෙස නම් බැලුවේ නැත...
🐰 කෙලින් හිටගෙන ඉන්නවත් පණ නෑ... තව බොරුත් කියනවා.. මට ඇස් පේන්නේ නෑ කියලා හිතුවද ?
YOU ARE READING
Doctor Crush
Fanfictionගිලන් හදවත් සුවපත් කරන ගිලන් නොවූ දෙහදක කතාවක් 💚❤️ Zhanyi Fan Fiction