Mister CEO 💌❣️- 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 𝟶𝟼

1.6K 285 13
                                    

Mister CEO ❣️💌❣️

❣️💌 .. Life Plays a
    Sweet Melody
And
    He Dances
To Its Tune .. 💌❣️

[06]

____________❣️____________

🐰[XIAO ZHAN]

"..Xiao Zhan මොකද මේ වෙව්ලන්නේ හා පැටියෙක් වගේ..?"

Xiao Zhan බයේ වෙව්ලන ගමන් කේන්තියෙන් බෙල්ල හොලවන්න ගත්තේ ඒ මනුස්සයා තව ටිකක් තද කරලා කොල්ලගේ ඉනට පහලින් අල්ලද්දි.

"..Mr. Zhu Zhanjin.. අ..අහ්හකට වෙන්න.."

තමන්ගේ ඇ⁣ඟේ තියන මුළු ශක්තියම දාලා කොල්ලා ගෙදර අයිතිකාරයගේ පුතාව තල්ලු කරලා දැම්මේ Zhu Zhanjin බැලන්ස් නැතුව පස්සට විසිවෙද්දි. ඒත් එක්කම Xiao Zhan පඩිපෙලින් බැහැලා දුවන්න ගත්තේ ආපහු එකපාරක්වත් පිටිපස්ස හැරිලා බලන්නේ නැතුව.

මෙලෝ සිහියක් නැතුව අතුරු පාරවල් දිගේ දිව්ව කොල්ලා ඇවිත් නැවතුනේ බස් හෝල්ට් එක ලඟ. නැවතිලා කටත් ඇරන් හති අරින ගමන් සැරින් සැරේ පිටිපස්ස හැරිලා බැලුවේ Zhu Zhanjin පස්සෙන් එනවද කියලා.
'මේ තාත්තයි, පුතයි නම් මල වදයක්. ඒ මිනිහා මාව අල්ලගත්තනම්.'
කොල්ලව ගැහෙන්න ගත්තේ ඒක මතක් වෙනකොට.

ටික වෙලාවක් බස් හෝල්ට් ⁣එකට වෙලා හති ඇරිය Xiao Zhan කල්පනා කරන්න ගත්තේ දැන් මොකද කරන්නේ කියලා. රූම් එකට ගියොත් අර මිනිහට ආපහු අහුවෙනවා. ඒකනම් ආයේ වෙන්නේ නැ. ඒත් මෙතන හිටියත් අහුවෙන්න පුලුවන්.
කොල්ලා පර්ස් එක අරන් ඇරලා බැලුවේ සල්ලි කීයක් තියනවද කියලා.

කොල්ලා ලග තිබ්බේ උදේ YiBo දුන්න චෙක් එකයි තව පොඩි ගාණකුයි. පර්ස් එක අවුස්සලා තිබ්බ සල්ලි ටික ඔක්කොම ගැන්න කොල්ලා ටැක්සියක යන්න පුලුවන් ගානක් තියනවා දැක්කේ සුසුමක් හෙලන ගමන්.

උදේට චෙක් එක මාරු කරලා ගන්නවා. කිසිම අදහසක් නැතුව එතනින් ගිය ටැක්සියක් නවත්තපු Xiao Zhan ඩ්‍රයිවර්ට කිව්වේ ඔෆිස් එකේ ඇඩ්‍රස් එක.

විනාඩි විස්සකට විතර පස්සේ ටැක්සි එක නැවැත්තුවේ සුපුරුදු තට්ටු විසිහතරේ බිල්ඩින් එක ලග.
කොල්ලා ටැක්සි එකට සල්ලි දීලා ගියේ ගේට් එක ලගට. සාමාන්‍ය වයසක සික්‍යුරිටි කෙනෙක් හිටියේ මේන් ගේට් එක ලග.

Mister CEO 💌❣️Where stories live. Discover now