පහලොස් වෙනි ඉලක්කය .. 💓

Start from the beginning
                                    

" බෝදි ....."

අවසානයේ ජාන් ඇසෙන නෑසෙන ගානට කතාකලේය ... ඒත් සමඟම දොර විවරවිය.... ජාන්ගේ කිරිපැහැති උඩුකය දුටු යීබෝ තරමක් තිගැස්සී ගියත් ඔහු ඔහූවම පාලනය කරගත්තේය ... තුවාය පිටින්ම ජාන්ව ඔසවාගෙන ඇදමතින් තබා අදින්නට ඇදුමක් ඒ අසලින් තබා දුරකතනය ගෙන බැල්කනියට ගියේ ජාන්ට ඇදුම් මාරුකරගන්නට පහසු වීමටයි.....

' බෝදිට මම අරක කියපු වෙලේ ඉඳලා මොන යකෙක් වැහිලද මන්දා ... beach එකේ දි කිස් එකකුත් දුන්නා...දැන් රවාගෙන ඉන්නවා ... මොනවා වෙලාද දන්නෑ...අකමැතී නම් අකමැතී කියලා අයින්වුනානම් ඉවරයිනේ... කැමතී කියලා මොන එහෙකටද මෙහෙම ඉන්නෙ '

ඇඳුම් මාරු කරන අතර ජාන් කල්පනා කරන්නට පටන් ගත්තේය ... ටික වේලාවකින් යීබෝ කාමරයට ආවේය ...

" තව ටිකකින් කෑම එනවා ... ඊට පස්සේ මම ගෙදර යනවා ..... කෝ මට දෙන්න maingate එකේ රිමෝට් එකක් ..."

යීබෝ ජාන් අසල වාඩිවෙමින් කීවේය ... ජාන් යළිත් කිසිවක් අසන්නට ගියේ නැත... දැන් පෙරට වඩා ඒ මුහුණ හොඳ නිසා ජාන් අතින් ලොකර් එකක් පෙන්වූයේය ...

" අන්න ඒකෙ තියෙනවා... "

යීබෝ ඉන් කුඩා රිමෝට් එකක් ගෙන ජාන් දෙස බැලුවේය ..

" අරක මම ලොක් කරලා යතුර ගත්තා... අවුලක් නෑනේ ...."

යීබෝ ජාන්ගේ මිනි බාර් එක පෙන්වමින් කීවේය ..

" අනේ බෝදි.... අද ඔයත් නෑ... එහෙම කරන්න එපා යතුර දීල යන්නකෝ ...."

ජාන් අසරණ ලෙසින් කීවේය ....

" බෑ... යතුර මගෙ ලඟ... කෑම කාලා නිදියන්න .. "

ඒත් සමගම නිවසේ සීනුව නාද විය .. යීබෝ පහලට ගොස් ඇනවුම් කර ආහාර රැගෙන යලිත් උඩට ආවේය .. ස්ටූල් එක මත ආහාර තබා ජාන්ව එතැනින් ගෙනගොස් ඉන්දවා යීබෝ ඒ අසලින් වාඩිවිය...

" මගේ දිහා බලාගෙන ඉන්නේ කන්න ඉතින් ...."

යීබෝ සිනාසෙමින් කීවේය ...

" බෝදි..... අරකෙ යතුර... "

ආහාර ගෙන අවසානයේ යන්නට සූදානම් වන යීබෝ දෙස අසරණ ලෙස බලාගෙන ජාන් කීවේය ...

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Where stories live. Discover now