💚❤️ TARGET ❤️💚 .......
" ඔයා මාව දාලා ඉක්මනින් යනවද බෝදි...."
ඔවුන් සිටින්නේ ජාන්ගේ නිවසට එන අතරතුරයි ...
" ඔයා වොෂ් දැම්මහම යන්නම්.. කෑම ගෙන්නලා දීලා යන්නම්...."
යීබෝ ඉදිරිපස බලාගෙන රිය පදවන අතරතුර කීවේය .. ජාන් වීදුරුවෙන් පිටතට බලාගත්තේය ... ඔහුගේ මුහුණෙහි ඉරියව් වෙනස්වන අයුරු යීබෝ දුටුවේය ..
" කමක් නෑ බෝදි මට බඩගිනී නෑ.... වොෂ් එකක් දාගත්තම යන්න....."
ටිකවෙලාවක් කල්පනා කරමින් හිද ජාන් කීවේය ... තමන් යීබෝට කරදර කරනවා නොවේදැයි ජාන්ට සිතුනේය ... අවුරුදු පහක් මේ ෂැංහයි වල තට්ට තනියම ජීවත්වූ තමන්ට හදිසියේම මේ හිතට දැනෙන පාලුව කුමක්දැයි ජාන් කල්පනා කලේය... ඉන්පසුව යීබෝ කිසිවක් කීවේවත් ජාන් කතාකලේවත් නැත... ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලට වාහනය දැමූ යීබෝ ජාන්ව ඔසවාගත්තේය ...
" බෝදි ...."
" ඇයි....."
" අල්ලගෙන එක්ක යන්න ඉතින්.... උස්සගෙන යද්දි ඔයාට අමාරුයි නේ..."
" මං දැන් එහෙම කිව්වද දේදු....".
" න්....නෑ....... ඉතින්....."
යීබෝ ජාන් දෙස බැලූ බැල්මට ජාන් ගොලුවී ගියේය .... ජාන් ඉක්මනින් බිම බලා ගත්තේය ....
" 52018......."
යීබෝ ජාන් කියන්නට පෙර දොරඟුලු ඇරියේය ... ජාන් දෑස් විසල් කර යීබෝ දෙස බැලුවේය ....
" අර මේන් ගේට් එකේ රිමෝට් එකක් මටත් ඕනෙ..."
ජාන්ට රවාගෙනම එලෙස කියූ යීබෝ ජාන්ව ඔසවාගෙන ඉහලමාලයට ගියේය... ජාන්ව ඇදමතින් තබා
" කෝපි හදන් එන්නද උදේ වගේ..."
යැයි ඇසුවේය ... ජාන් හා යැයි කියන්නට හිස සැලුවේය .. ජාන් සෙමින් ඔහුගේ පාවහන් ඉවත්කර පසු යීබෝ ඔහුව වොෂ් රූම් එකට රැගෙන ගොස් පසුව තුවායත් අතට දී පහලට ගියේය ...
" එයාගෙ සැර ... ටිකක් හොදින් කතාකරන්න බැරිද දන්නෑ......"
ජාන්ට තමන්ටම කියාගනිමින් කකුල නොතෙමෙන ලෙසට වොෂ් එකක් ගත්තේය ..
YOU ARE READING
💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
Fanfictionඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....