දැං මාස හතක් ගෙවිලා ගිහින්... උදේ එලාම් එකේ සද්දෙට පුරුද්දට වගේ අපෙ කොල්ලා ඇඳෙන් එලියට බහින්න හදනවා... ඒත් පණ නැති කකුල් දෙක නිසාවෙන් දඩස් ගාලා ඇඳ රෙදිත් එක්කම බිම ඇදගෙන වැටෙනවා...තාම මහ පාන්දර... කොල්ලා අත් දෙකෙන් ඔළුව අල්ලගෙන කාටවත් නොඇහෙන්න තනියම අඩනවා... අවුරුදු දහනවයක ...දුවලා පැනලා ඉන්න වයසක කොල්ලෙක් එක පාරටම අබ්බගාතයෙක් උනාම ඒ දැයෙන දුක..පීඩනය... මොනවත් වඩා අසරණකමයි...ලැජ්ජාවයි...කොල්ලට දරාගන්න අමාරුයි...
අවුරුදු දහ නවයක් වෙලා ... ඒත් කොල්ලට තමංගෙ කලිසම තනිවම ඇඳගන්න බැහැ... අම්මා නැත්නම් තාත්තා... දෙන්නම නැති වෙලාවට තමංගෙම අයියගෙන්, උදව් ඉල්ලන්න වෙලා... කොල්ලට ලැජ්ජයි. අනාගතය ගැන ගොඩක් දුකයි... ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න හිටපු තමංට වෙච්ච දේ ගැන කොල්ලා නොසෑහෙන්න දුක් උනා. මොකද මේ වෙනකොට දණිස් දෙකට පහළින්..., කිසිම දෙයක් කොල්ලට දැනුනෙ නැහැ...
ඉතින් එලි වෙනකල් බිමට වෙලා අඩපු කොල්ලට එහෙම්මම නින්ද ගියා...
කොල්ලගෙ කකුල් දෙකට බෙහෙත් කරන්නත් එක්කම එයාල ගෙවල් මාරු කරල තිබුණා... කොහොමත් කොල්ලා කෙල්ලගෙන් අයින් වෙන්න හිතුවේ කවදාවත් අබ්බගාත කොල්ලෙක්ව බැදලා තමංගෙ ආදරේ දුක් විඳින හැටි බලන්න තරම් කොල්ලගෙ හිත හයිය නැති නිසා... වැස්ස වහිනකල් ළග තියෙන කුඩේ වැසි නැති දාට අමතක වෙලා යනවා වගේ කවදහරි කෙල්ලටත් මහේන්ව අමතක වෙලා යාවි... ඒත් කවමදාවත් අපෙ කොල්ලා එදා ගැන පසුතැවුනෙ නැහැ... කෙල්ල දුක්විඳිනව බල බලා ජීවත් වෙලා ඇති වැඩේ මොකක්ද?...
එයාලෑ පොඩි එකා දුක් විඳින හැටි දකින අම්මා තාත්තා දෙන්නම ගොඩක් දුක් උනා... දවසෙන් දවස මහේන් මානසිකව වැටෙන හැටි කොහොම බලං ඉවසන්න කියලද..? එයාලගේ පවුලට ඇති තරම් වියදම් කරන්න මුදල් තිබ්බත් කොල්ලගේ කකුල් දෙක සනීප කරගන්න බැරි වුණේක ගැන ගොඩක් පසුතැවුනා... කොටින්ම කිව්වොත් මහේනුත් එයාගෙ කකුල් දෙක ගැන තිබුන පුංචිම පුංචි අදහසත් අතෑරලා ගොඩක් කල්... කොල්ලා ගෙට වෙලාම හිටියා... දුකයි එලියට යන්න... ඉරිසියාවකට නෙවෙයි... දුකයි එයාගෙ වයසෙ අනික් කොල්ලො දුවලා පැනලා සතුටෙන් ඉන්නව දකින්න... තමං ඉන්නෙ රෝද පුටුවක...
YOU ARE READING
Sitting PRETTY...💔
RomanceRolling along... On a wheelchair... " ඉන්න මං ඔයාව තල්ලු කරන්නම්..." . . . වැඩිකල් පවතිනුයේ කොන්දේසි විරහිත ආදරය ලු...