CHAP 08 ⛓️🍁
-------------------------2 months later
~Selena's POV~
-----------------------------" අපි යන්නම ඕනෙද ජෝන්."
ජෝන් :- යන්නැතුව කොහොමද. අපි දෙන්නම මේ ගැන ගෙවල් වලට කියන්න ඕනි.
" ඒත් මට බයයි."
ජෝන් :- බය වෙන්න අපි වැරැද්දක් කරන්නේ නෑ නේ බබා.
" ඒත්.... "
ජෝන් :- ස්ස්ස්ස්... මොකුත් කියන්න එපා.අපි අනිද්දා ෆ්ලයිට් එකෙන් ආපහු කැනඩා යනවා. එච්චරයි...
" හ්ම්ම්ම්.... හරි යමු."
ජෝන් :- හ්ම්ම්... හොඳ ළමයා. කෝ මෙහෙට එන්න නිදාගන්න.
ජෝන් ගේ තුරුලට ගියාට නින්ද නම් මගේ අහලකට වත් ආවේ නෑ. ජෝන් නම් මාවත් තුරුලට අරන් හොඳට ගොරව ගොරව නිදි.....
ගෙදරින් අකමැති උනොත් එහෙම මට ජෝන් ව අතාරින්න වෙයි ද...
නෑ නෑ එහෙම නම් බෑ....
මට දැන් ජෝන් නැති ජීවිතයක් ගැන හිතන්නත් බැරි තරම්. මේ අවුරුද්ද ඇතුළත අපි දෙන්නා ගොඩාක් ළංවුණා...
මාත් එයාගේ උණුසුමට දැන් හුරුවෙලා...
කොහොමද එයා නැතුව ඉන්නේ......
.
.2 days later
@Selena's home
----------------------------අපි දෙන්නම කැනඩා ආපු ගමන් මුලින්ම ගියේ අපේ ගෙදරට. ජෝන් එයාගේ ගෙදර අයත් එක්ක අවුලෙන් ඉන්න නිසා එහෙට යන්න කැමති උනේ නෑ.
ටක් ටක්•••
දොරට ගහලා ටිකකින් දොර ඇරගෙන එළියට ආවේ මාම්... එයා ආපු ගමන්ම කරේ මාව තුරුල් කරගත්ත එක....
මාම් ගේ ඇස් වල කඳුළු. ඔව් ඉතින්... එයාගේ එකම දුව අවුරුද්දක් ගෙදරින් ඈතකට වෙලා ඉඳලා ආවම එයාට කොච්චර සතුටු ඇතිද??....මාම් මාව එයාගේ තුරුලේ ගොඩක් වෙලා තියාගෙන හිටියා .. ඊටපස්සේ මාව පොඩ්ඩක් එහාට කරලා එයාගේ කටහඬ අවදි කරා... මාම්ගේ කටහඬ වෙව්ලනවා... එයා ඉන්නේ කියාගන්න බැරි තරම් සතුටින්... මට ඒක හොඳට තේරෙනවා...
මාම් :- බබා... ඔයා එහේ හොඳට හිටියා නේද. ඔයාව ගොඩාක් මතක් උනා.
" ඔව් මාම් මන් ගොඩක් හොඳින් හිටියේ. මටත් ඔයාලව ගොඩාක් මතක් උනා. ඩෑඩ් කොහෙද මාම්."
YOU ARE READING
Lost in Love Maze ♡GL || Completed
Romanceබහුතරයක් කරන දේ සම්මතයි... සුළුතරක් කරන දේ අසම්මතයි... එහෙමද???.... දෙගොල්ලොම කරන්නේ එකම දේ නම්... දෙගොල්ලොන්ටම දැනෙන්නේ එකම හැඟීම නම්... කොහොමද අපි මේ දේවල් සම්මත අසම්මත කියලා දෙපිළකට බෙදන්නේ?? . (This is a GL story 🏳️🌈) .